May 19, 2024

ඉන්දියාව Aljazeera විකාශය නවතයි

මතභේදයට ලක් වී ඇති කාශ්මීර කලාපයේ නිවැරදි නොවන සිතියමක් රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීම හේතුවෙන් ඉන්දීය රජය විසින් අල් ජසීරා ප්‍රවෘත්ති නාලිකාව විකාශනය කිරීම දින පහක කාලයකට නවතා දමා තිබේ.

රජයේ කමිටුවක් විසින් තීරණය කර ඇත්තේ අල් ජසීරා ප්‍රවෘත්ති නාලිකාව කාශ්මීර කලාපය හිතුවක්කාරී ලෙස ඉන්දියාව, පකිස්තානය සහ චීනය අතර බෙදා දැක්වෙන ලෙස පෙන්වා ඇති බවයි.

මේ හේතුවෙන් තම විකාශය අප්‍රියෙල් 27 වනදා වන තෙක් නැරඹිය නොහැකි බව දැක්වෙන දැන්වීමක් අල් ජසීරා ප්‍රවෘත්ති නාලිකාව විසින් නිල් පැහැති රූපවාහිනී තිරය මත ප්‍රදර්ශනය කරමින් සිටි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුමකට හේතු වී ඇති කාශ්මීරයේ හිමිකම පිලිබඳ ගැටළුව තවමත් පවතින්නේ ජාත්‍යන්තර නීතිය යටතේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 April 2015 14:20