May 19, 2024

හවුති කැරලිකරුවන්ට එරෙහි ගුවන් ප්‍රහාර නවතයි

යේමනයේ - හවුති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය දියත් කළ ගුවන් ප්‍රහාර නවතා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තම පරමාර්ථ සාර්ථක වූ බැවින් මෙලෙස ගුවන් ප්‍රහාර නවතා දැමීමට තීරණය කළ බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත.

යේමනයේ - හවුති කැරලිකරුවන්ට එරෙහිව සෞදිය මසකට ආසන්න කාලයක් ගුවන් ප්‍රහාර දියත් කළේය. 

කෙසේ වෙතත් යේමන රජය සහ කැරලිකරුවන් අතර සාම ගිවිසුමකට එළඹිය යුතු බව ඔවුන් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)