May 19, 2024

ද.කොරියාවේ අගමැති ඉල්ලා අස් වේ

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ලී වෑන් කූ තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. 

එරට මතුවී ඇති දේශපාලන අර්බුදයක් මුල් කරගනිමින් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි. තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති පාක් ග්වෙන් හේ වෙත ඉදිරිපත් කළ දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා කැබිනට් රැස්වීම් පැවැත්වීමේ වගකීම උප අග්‍රාමාත්‍යවරයා වෙත පවරා ඇත. 

කෙසේ නමුත්, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිබද කණස්සල්ලට පත්වන බවයි ජනාධිපති පාක් ග්වෙන් හේ ප්‍රකාශ කර ඇත්තේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 April 2015 11:44