May 19, 2024

කොංග්‍රස් රැළියට ගොවීන් දස දහස් ගණනක් එයි  

කාර්මික ව්‍යාපෘතිවලට ඉඩම් අත්පත් කර ගැනීමේ නීති ලිහිල් කිරීම සඳහා වන ඉන්දීය ආණ්ඩුවේ සැලසුම්වලට විරෝධය පාමින් පැවති කොංග්‍රස් පක්ෂ රැළියට ගොවීහු දස දහස් ගණනක් සහභාගී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි අගනුවර පැවති මෙම රැළිය සංවිධානය කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය විසින් බව වාර්තා වේ.

ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වන නීති ලිහිල් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය කොංග්‍රස් පක්ෂයේ නායිකාව සෝනියා ගාන්ධි විසින් හඳුන්වනු ලැබුවේ ගොවීන්ට සහ දුප්පතුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි.

කාර්මික සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා වගා බිම් මිළදී ගැනීම පහසු කෙරෙන විධායක නියෝගයක් අගමැති මෝදිගේ ආණ්ඩුව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සම්මත කර ගෙන තිබිණි.

යෝජිත නීති හරහා ගොවීන්ට සහ පිටිසරබද දිළිඳු වැසියන්ට අවාසි ගෙන දෙන බව පරිසර සංවිධාන ඇතුළු ක්‍රියාධරයින් පෙන්වා දෙයි.

(බීබීසි)

Rate this item
(0 votes)