May 19, 2024

IS ප්‍රබලයෙක් මරුට / ත්‍රස්තයන් පසු බහීද?

ඉරාකයේ අයි.එස්. සටන්කාමීන් පණ ගැන්වීමට කටයුතු කළ සදාම් හුසේන් යුගයේ අවසන් සන්නද්ධ නායකයා ගැටුමකදී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. ඉසාට් ඊබ්‍රහිම් අල් - ඩූරි නමැති  මොහු සදාම් හුසේන්ගේ දකුණත ලෙස සළකා තිබේ.

බැග්ඩෑඩයට උතුරෙන් වූ සලෙහුඞීන් ප්‍රාන්තයේ සිදුකළ ඉරාක හමුදා මෙහෙයුමකදී ඔහු මිය ගිය බවට විවිධ මාධ්‍ය ඹස්සේ දැන් වාර්තා වෙමින් තිබේ. කෙසේ නමුත්, මළ සිරුරේ කොටස් බැග්ඩෑඞ් නුවර දී ඞී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කරමින් ඒ බව තහවුරු කර ගැනීමට නියමිතය.

ඔහුගේ මරණය ඉරාකය තුළ අයි.එස්. සටන්කාමීන්ගේ පසුබෑමකට හේතු වනු ඇති බව ආරක්ෂක විචාරකයන්ගේ පෙන්වා දෙයි. අයි.එස්.වරුන් මේ වන විට ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය පතුරුවා සිටි. එහෙත් පසුගිය සති කිහිපය තුළ ඇමරිකානු ගුවන් ප්‍රහාරවල සහායෙන් ඉරාක හමුදා එම ප්‍රදේශවලින් 25%ක පමණ යළි අත්පත් කර ගෙන ඇත.

2003වසරේදී ඇමරිකානු හමුදා මගින් සදාම් හුසේන් බලයෙන් පහ කිරීමෙන් පසු 72හැවිරිදි ඩූරිගේ හිසට විශාල මුදලක් පිරිනමන බව ප්‍රකාශයට පත් කෙරුණි. සදාම් හුසේන්ට 2006වසරේදී මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණු අතර ඩූරි අත්අඩංගුවට ගැනීමට ඉරාක හමුදා මෙතෙක් අපොහොසත් විය.

Rate this item
(0 votes)