May 19, 2024

100 දෙනෙකු සමගින් නැරඹුම් අංගනය කඩා වැටේ (VIDEO)

චීනයේ එළිමහන් ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක නෙට් ආකෘතියකින් ඉදිකර තිබූ නැරඹුම් අංගනයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 48 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මීටර් 10 ක උසින් යුත් මෙම නැරඹුම් අංගනයේ එම අනතුර සිදුවන විට ප්‍රේක්ෂකයින් 100 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අනතුර සම්බන්ධයෙන් එම එළිමහන් ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ සම්බන්ධයෙන් අහඹු ලෙස සටහන් වූ වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණි.

(එම වීඩියෝව පහතින් නරඹන්න..)

Rate this item
(2 votes)
Last modified on Friday, 17 April 2015 09:31