May 19, 2024

ලිබියානු ඈත මුහුදේ 400 ක් සමග යාත්‍රාවක් පෙරළේ

ලිබියානු ඈත මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 400 ක් පමණ මියයන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි. මියගිය පුද්ගලයින් 9දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

ඊයේ සිදුවූ මෙම අනතුරින් යාත්‍රාවේ සිටි තවත් 144 දෙනෙකු ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් බේරාගෙන ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම යාත්‍රාව කුමන ස්ථානයක සිට ගමන් ආරම්භ කළේද යන්න පිළිබඳව මේ වන තෙක් තොරතුරු අනාවරණ වී නැහැ. සංක්‍රමණිකයන් 550දෙනෙකු රැගත් යාත්‍රාවක් ලිබියානු මුහුදු තීරයේදී පසුගිය සතියේදී ද අනතුරට ලක් වී තිබුණි.

Rate this item
(0 votes)