May 19, 2024

බොකෝහරාම් පැහැරගත් සිසුවියන් ගැන වසරකට පසු තොරතුරු

පසුගිය වසරේ නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්තවාදීන් පැහැරගත් ශිෂ්‍යාවන් තවදුරටත් ජීවතුන් අතර සිටින බවට නයිජීරියානු ජාතික කාන්තාවක පවසා ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, නයිජීරියාවේ ඊසාන දිග ග්වෝසා නගරයේදී පැහැරගත් ශිෂ්‍යාවන්ව අදාළ කාන්තාව දැක ඇති බවය. ශිෂ්‍යාවන් ජීවතුන් අතර සිටි බවට අවසන් වරට වාර්තා වූයේ පසුගිය වසරේදීය.

බොකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින් කාන්තා නේවාසිකාගාරයක සිටි ශිෂ්‍යාවන් 219 දෙනෙක් නයිජීරියාවේ චිබොක් නගරයේදී පැහැර ගනු ලැබූහ.

ඒ සිර භාරයේ සිටි තම සාමාජිකයින් නිදහස් කරන්නැයි බලකරමින්.2009 වසරේ සිට බොකෝහරාම් සටන්කාමීන් නයිජීරියාව තුළ ගෙන යන කැරළි හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

Rate this item
(0 votes)