May 19, 2024

කාන්තා දූෂණ වීඩියෝ 09 ක් අන්තර්ජාලයට (Video)

සමුහ දුෂණ වීඩියෝ පටයක් පසුගිය පෙබරවාරි මාසයේ අන්තර්ජාලයට මුදා හැර තිබේ.එවැනි තවත් වීඩියෝ නමයක්ද මේ වන විට (YouTube)අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ඉන්දියාවේ සුනීතා ක්‍රිෂ්ණා නමැති කාන්තාවක් විසින් මෙලෙස සංස්කරණය කළ සමුහ දුෂණ වීඩියෝ පට මුදා හැර ඇත. තවද මෙම සිදුවීමෙන් අනතුරුව මෙලෙස කාන්තාවන් සමුහ දුෂණය කරන වීඩියෝ 90ක් ලැබී ඇති බව සුනීතා සඳහන් කරයි.

මැය වයස අවුරුදු 15 දී අට දෙනෙකු විසින් සමුහ දුෂණයට ලක් වූ කාන්තාවක් වන අතර මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදා හැර ඇය ඉන්දියාවෙන් ඉල්ලා සිටින්නේ එම විඩියෝවන්හි සිටින පුද්ගලයන් හඳුනාගන්නා ලෙසය.

තවද ඇය දුෂණයට එරෙහිව " දුෂකයෝ භංගවේවා " නමින් සමාජ මෙහෙවරක් කරන කාන්තාවක් බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම වීඩියෝ නමය තුළම එම දුෂකයන්ව පැහැදිලව හඳුනාගත හැකි අතර පොලිසිය විසින් මෙයට පියවර ගෙන නොමැති නිසා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට සුනීතා විසින් පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව ඉන්දියානු අභ්‍යන්තර විමර්ශන අංශය විසින් පසුගිය මාර්තු 25 දින භුවනේශ්වරන් නගරයේ ගොඩනැගිලි ඉදිකරන්නෙක් වන සුබ්‍රත් යන පුද්ගලයෙකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ ආරක්ෂක අංශ දැනට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අතර ඉන්දියානු රජයත් මෙම වීඩියෝ දැක කම්පාවට පත්ව තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න...

Rate this item
(223 votes)
Last modified on Tuesday, 14 April 2015 09:15