May 19, 2024

ඇමරිකා-කියුබා වෙනසකට මුල පුරයි

ඇමරිකාව සහ කියුබාව අතර සබඳතා නව මානයකට ගෙන යමින් ජනාධිපති බැරක් ඔබාමා සහ කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ පැනමාවේ, පැනමා සිටි අගනුවර දී ඊයේ (11) සාකච්ඡාවක නිරත වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දෙරටේ නායකයන් අතර අඩසිය වසකට පසු පැවැති ප්‍රථම නිළ සාකච්ඡාව මෙය බවයි එම වාර්තා පවසන්නේ. මෙය ඇමරිකානු - කියුබානු සබඳතාවල හැරවුම් ලක්ෂයක් ලෙසත් ජනාධිපති ඔබාමා හැදින්වූ බවත් සඳහන්.

ජනාධිපති ඔබාමා අවංක, සත්භාවයෙන් යුතු පුද්ගලයෙකු බව කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ සදහන් කර ඇත. 1956වසරේදී අයිසන්හවර් ජනාධිපතිවරයා සහ කියුබානු ආඥාදායක බැටිස්ටා අතර සිදුවූ හමුවෙන් අනතුරුව දෙරටේ නායකයන් නිළ සාකච්ඡාවකට සහභාගි වූයේ ඊයේ දිනයේදියි.

1959වසරේ විප්ලවයකින් ෆිදෙල් කස්ත්‍රෝ  බලයට පැමිණි පසු ඇමරිකාව කියුබාව සමඟ සබඳතා අත්හිටවනු ලැබීය.

Rate this item
(0 votes)