May 20, 2024

විත්තිකරු වෙඩි තබා නඩුව අවසන් කරයි

නඩු විභාගයක විත්තිකරුවෙකු ඉතාලියේ - මිලාන් නුවර අධිකරණ ශාලාවක් තුළ ඊයේ (09) සිදුකළ වෙඩි තැබීමකින් විනිසුරු, නීතිඥවරයෙකු සහ සාක්ෂිකරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

වෙඩි තැබීමෙන් පසු මෙම 57හැවිරිදි පුද්ගලයා ස්කූටරයකින් පළාගොස් ඇති අතර බංකලොත්භාවය පිළිබඳ නඩු විභාගයකදී මෙම සිදුවීම ඇති වී තිබේ.

මොහුව මිලාන් නුවරට කිලෝමීටර් 25ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. විත්තිකරු අධිකරණ ශාලාවට ඇතුළු වී ඇත්තේ විනිසුරුවන් සඳහා වෙන්කර ඇති පිටුපස දොරටුවෙන් බවත් අනාවරණය වී ඇත.

ඒ සඳහා ඔහු ව්‍යාජ බලපත්‍රයක් යොදාගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

Rate this item
(0 votes)