May 20, 2024

බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ වරදකරුට දෙන දඩුවම මොකක්ද?

2013වසරේ අප්‍රේල් 15වනදා පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් සහ264කට තුවාල සිදු කරමින් අමෙරිකාවේ බෝස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සෝකා සෙරනෙව් නමැත්තෙකු වරදකරු බවට එරට අධිකරණයක් තීන්දු කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, ප්‍රහාරයෙන් දින 4කට පසු පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ චෝදනාවට ද සෙරනෙව් වරදකරු වී ඇති බවය. ඒ අනුව 21හැවිරිදි සෙරනෙව්ට එරෙහිව අධිකරණයේ අධිචෝදනා 30ක් ගොනුකර ඇත.

ඉන් චෝදනා 17ක් සම්බන්ධයෙන් ‍ඔහුට හිමිවිය යුතු වන්නේ මරණ දන්ඩනය බවත් විදෙස් වාර්තා පවසයි.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, මෙම වරදත් සමග ඔහුට මරණ දඬුවම නියම කරනවාද, නැතහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කරනවා ද යන්න අධිකරණය තීරණය කරනු ඇති බවය.

දින 16ක් වාචික සාක්ෂි සටහන් කර, පැය 11ක් ‍එම සාක්ෂි විමසා බැලීමට ජූරි සභාව පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)