May 20, 2024

හවුදි ත්‍රස්තයන්ට එරෙහි ප්‍රහාරවලට අමෙරිකාවෙන් ආයුධ දෙයි

ඇමරිකානු රජය විසින් පෙන්වා දෙන්නේ හවුදි කැරළිකරුවන් ත්‍රස්ත සංවිධානයක් වීම හේතුවෙන් ඔවුන් මර්දනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබාදෙන බවයි.

ඒ හේතුවෙන් යේමනයේ හවුදි කැරළිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන සෞදි සන්ධානයට අවි ආයුධ ලබාදෙන බව ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කර තිබේ.

පසුගිය සතියක පමණ කාලසීමාව තුළ හවුදි කැරළිකරුවන් සහ යේමන රජයේ හමුදා අතර ඇති වූ ගැටුම්වලින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 2000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

Rate this item
(0 votes)