May 19, 2024

සදාම්ගේ නගරයේ දැවැන්ත මිනී වළක්

ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් උපන් නගරය වන ටික්රිට් නුවර දැවැන්ත සමූහ මිනී වළක් හමුවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එය පැරණි ඇමරිකානු හමුදා කදවුරක් පිහිටි ස්ථානයක තිබූ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් පසුගිය වසරේ ජුලි මාසයේ සිට මෙහි බලය පතුරුවා සිටින්නේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් විසිනි. ඔවුන් තම ග්‍රහණයට ගත් ඉරාක සෙබලූන් ඝාතනය කර මෙහි වළ දමා ඇතැයි සැලකේ. ඇතැම් වාර්තා පවසන පරිදි මෙහි වළ දමා ඇති ඉරාක සෙබලූන්ගේ සංඛ්‍යාව 1700කට අධික බවත් වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)