May 20, 2024

බංග්ලාදේශ හිටපු අගමැතිනියට ඇප

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියාට ඇප ලබා දෙන මෙන් එරට දූෂණ විරෝධී අධිකරණයක් නියෝග කර තිබේ.

අගමැති ධුරයේ සිටියදී සමාජ ශුභසාධන ආයතන දෙකකට අයත් මුදල් වංචා සහගත ලෙස සඟවා ගෙන සිටි බවට කලීඩා ෂියාට චෝදනා එල්ල වේ.

දේශපාලන වාසි තකා විරුද්ධ පාක්ෂිකයන් විසින් තමාට එවැනි චෝදනා එල්ල කරන බව හිටපු අගමැතිවරිය සඳහන් කර ඇත.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී නියෝග කෙරිණි.

(බීබීසී)

Rate this item
(0 votes)