May 20, 2024

චීන යුධ නැවක් යේමනයේ 225 ක් බේරා ගැනේ

යුද ගැටුම් පවතින යේමනයේ සිර වී සිටි විදේශිකයන් 225 දෙනෙකු චීන යුද නෞකාවක් මගින් ඊයේ (03) බේරා ගත් බව විදේශ පුවත් සේවා සඳහන් කරයි.

ජාත්‍යන්තර අර්බුදයකදී වෙනත් රටවල වැසියන් බේරා ගැනීමට චීනය ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද එහිදී මාධ්‍ය වාර්තා කර ඇත. පාකිස්තානය, ඉතියෝපියාව, ඉතාලිය, ජර්මනිය, පෝලන්තය, අයර්ලන්තය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව යේමනයේ අතරමං වී සිටින තම වැසියන් බේරා ගැනීම සඳහා චීනයේ සහාය ඉල්ලා තිබුණි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙන්නේ විදේශිකයන් ඉවත් කර ගැනීම සඳහා චීන යුද නෞකාව අවදානම් සහිත මෙහෙයුමක නිරත වූ බවය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 April 2015 12:28