May 20, 2024

ඉරානය ප්‍රතිඥාවකින් අනතුරු අගවයි

ලෝක බලවතුන් සමඟ ඇති කර ගත් මූලික න්‍යෂ්ටික එකඟතාවය අනුව කටයුතු කරන බවට ඉරාන ජනාධිපති හසාන් රවුහානි ඊයේ (03) ප්‍රතිඥාවක් ලබා දුනි.

න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉවහල් විය හැකි තාක්ෂණය යොදා ගැනීම ඉරානය විසින් නතර කිරීමත්, ඊට හිලව් ලෙස බටහිර රටවල් පනවා ඇති සම්බාධක ඉවත් කිරීමත් ඇති කර ගත් ගිවිසුමේ එකඟතාවන්ය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ ලෝක බලවතුන් එම එකඟතාවන්ට අනුව කටයුතු කරන තාක් ඉරානය ද ගිවිසුම් කොන්දේසි සුරකින බවය. එහෙත් ඔවුන් වෙනස් මඟකට එළඹුණුහොත් ඉරානයට ද විකල්පයන් කරා යොමු වීමට සිදුවන බවට ඔහු අනතුරු ඇගවීමක් ද කර ඇත.

Rate this item
(0 votes)