May 20, 2024

කෙන්යා සරසවියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 14ක් මරුට 

ඊශාන දිග කෙන්යාවේ සරසවි නේවාසිකාගාරයකට මුහුණු ආවරණය කර ගත් තුවක්කු කරුවන් කණ්ඩායමක් කඩා වැදීමේ සිද්ධියකින් අනතුරුව ආරක්ෂක හමුදා එම නේවාසිකාගාරය වට ලා ඇති බව වාර්තා වෙයි.

එම තුවක්කුකරුවන් ‘අල් ෂබාබ්’ ජිහාඩ් කැරලිකරුවන් බව වාර්තා වේ.‘ගරිස්සා’(Garissa) නගරයේ සරසවි නේවාසිකාගාරයට කඩා වැදුන තුවක්කු කරුවන් කණ්ඩායම ප්‍රාණ ඇපයට ගෙන ඇති සංඛ්‍යාව කොපමණදැයි කිව නොහැකි බව කෙන්යා පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් 14 දෙනකුවත් මිය ගොස් ඇති බවත් තවත් 50කට පමණ තුවාල සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරුවන් සරසවි නේවාසිකාගාරයේ වහල මත සිට වෙඩි තබන හෙයින් එම ස්ථානයට ඇතුල් වීමේ දුෂ්කරතාවයකට ආරක්ෂක හමුදා මුහුණ දී සිටින බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

නේවාසිකාගාරය තුළ සිට ප්‍රකාශයක් කළ ‘අල් ෂබාබ්’ ජිහාඩ් කැරලිකරුවෝ සිය අත්අඩංගුවට පත් අය අතර සිටි මුස්ලිම් සිසුන් වෙන් කර ඔවුන්ට පිටව යාමට ඉඩ දුන් බව කියා සිටියහ.

(බීබීසි)

Rate this item
(0 votes)
Last modified on Friday, 03 April 2015 10:12