May 20, 2024

යේමනයේ ප්‍රහාර දැඩි වේ

යේමනයේ ඒඩන් නගරයේ ස්ථාන රැසකට ගුවනින් එල්ලවූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් යේමනයේ පවතින යුද ගැටුම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබේ.

ඊයේ දිනය වනවිට ඒඩන් නගරයේ පිහිටි ප්‍රධාන රෝහලට පමණක් පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති බවද වාර්තා වෙයි. මේ වනවිට හවුදි සටන්කරුවන්ට එරෙහිව සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සන්ධානයේ ගුවන් ප්‍රහාරද දැඩි කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මේ වනවිට යේමනයේ හටගෙන ඇති අනාරක්ෂිතාව හේතුවෙන් දින දෙකක් ඇතුළත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිස් යළි ගෙන්වාගැනීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

දැනට ශ්‍රී ලාංකිකයන් 70ක් පමණ එහි සිටින බවට කාර්යාංශයට වාර්තා වන බවත්, මෙම පිරිස වැඩිවීමට ඉඩ තිබෙන බවත්සඳහන්. ඕමානයේ තානාපති කාර්යාලය හරහා මෙම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

 

 

 

Rate this item
(0 votes)