April 26, 2024

රුසියාවට සම්බාධක

රුසියාවට සම්බාධක පැනවීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු යැයි ජී7 කණ්ඩායමේ රටවල් වල නායකයන් විසින් එකඟතාවකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව නැගෙනහිර යුක්රේනය අස්ථාවර කිරීමේ බෙදුම්වාදීන්ගේ උත්සාහයන්ට සහය දෙනු ලබන බවට චෝදනා කරමින් මෙම සම්බාධක පැනවීමට තීරණය කර ඇත. 

මෙම සම්බාධක ආර්ථික, වෙළඳ සහ මුල්‍ය අංශ වලට පමණක් සීමා නොවන්නේ යැයි ද ජී7 කණ්ඩායමේ රටවල් විසින් අවධාරණය කර තිබේ.

ජනාධිපති පුටින් ට සමීප පුද්ගලයන් සහ ව්‍යාපාර ඉලක්ක කෙරෙන මෙම සම්බාධක හඳුන්වාදීමට අදහස් කරන බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 April 2014 07:17