May 26, 2020

රට බේරා ගත් දේශප්‍රේමියා හා දෙවතාවක් රට පැන්න අවස්ථාවාදියා

මහාචාර්ය සැමුවෙල් රත්නජිවන් හබට් හුල් නැතහොත් මහාචාර්ය හුල් පසුගිය කාලයේ ජන සමාජයේ අවධානය ලක්වුනු චරිතයකි.ඒ ස්වාධින මැතිවරණ කොමිසමේ කොමසාරිස් තිදෙනාගෙන් කෙනෙකු ලෙස නිතරම සම්මතයට එරෙහිව කටයුතු කරන්නෙකු නිසාය.මැතිවරණ කොමිසමේ ඉතිරි කොමසාරිස් දෙදෙනා ගන්නා තිරනයට ප්‍රතිවිරැද්ධ මතයක් දැරිම මෙන්ම මැතිවරණ කොමිසම තුල කතා කල යුතු දේවල් හතර හන්දි ගානේ කතා කිරිම හුල්ගේ නිධන්ගත පුරැද්දකි.

හුල් ගැන මෙවන් හැදින්විමක් කලේ ඔහුගේ හතර හන්දි මැද අනවශ්‍ය කතා කිමේ කැත පුරුද්දට දැන් යුධ හමුදාපතිවරයා ඉලක්ක කරගෙන තිබිම නිසාය.

හුල් colombo telegraph වෙබ් අඩවියට ලිපියක් ලියමින් දක්වා ඇති අදහස් අතර යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන මෙසේ අදහස් දක්වා තිබේ.

"ඊළගට මේ ලූ‍තිනන් ජනරාල් සිල්වා? ඔහු ප‍්‍රශ්න කරනුයේ එසේය. ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් තවමත් අසා නිම නොකළ චෝදනා රාශියක් ඇත. ඔහුට එරෙහිව තවත් මානව හිමිකම් සංවිධාන වෙතින්ද චෝදනා රාශියකි. යුද සමයේ දසදහස් ගණනින් දෙමළුන් සමූලඝාතනයට අණදීමේ වගකීම ඇත්තෙකි. දෙමළෙකු ලෙස 20 දින ඔහු හමුවූ විට ඔහු සමග තර්ක කිරීමටත් මම බියවෙමි. "

හුල්ගේ මෙම ප්‍රකාශය රටේ පවතින තත්වය ව්‍යාකුලත්වයකට පත් කිරිමේ දේශපාලන අරමුණකින් කල එකක් බැව් පැහැදිලිය.

යුධහමුදාපතිවරයා මේ දිනවල සමාජය් අවධානය ලක් වි තිබෙන ප්‍රධාන චරිතයකි. ඒ ජාතික කොරෝනා කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස කරන කාර්යබාරය නිසාය.ඒ  භුමිකාවේ මෙන්ම යුධහමුදාපති භූමිකාවේ කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා දැකිමට පවා බිය උපදවන පුද්ගලයෙකු නොව නිරන්තරයෙන් දැකිමට ප්‍රිය උපදවන පුද්ගලෙයකු ලෙස මෙරට ජන සමාජයේ පිලිගැනිමට ලක්ව තිබේ.

නිරන්තරයෙන් මුවගට නැගෙන සිනාහව මෙන්ම අතිබහුතර ලාංකීය ජනයා මේ අවස්ථාවේ කරන කැප කිරිම අගය කරමින් කතා කරන යුධ හමුදාපතිවරයා දැකිමට පවා බිය උපදවන පුද්ගලයෙකු ලෙස හුල්ට පෙනෙන්නෙ මන්ද? එය විමසිය යුතු කරැනකි. දෙදෙනාගේ අතිත දත්ත වෙත අවධානය යොමු කිරිමෙන් ඒ පිළිබද අවබෝධයක් ලබා ගත හැක.

මිට වසර 11 පෙර කොටි සංවිධානය සහමුලින්ම අවසන් කල 4 වන ඉලාම් යුුුද්ධෙයෙ වඩාත් ජනප්‍රිය චරිතයක් වුයේ බ්‍රිගේඩියර්වරයෙකු වු ශවේන්ද්‍ර සිල්වාය. ඒ ජනතාව අතර ඉතා ජනප්‍රිය වු 58 වෙනි සේනාංකයට අන දුන් නිලධාරියා ඔහු වු නිසාය.ඒ දවස පුවත් ප්‍රකාශවල අද දිනයේ 58 වන බල සේනාව කල වික්‍රමය කුමක් දැයි බලා ගැනිමට ජනයා තුල තිබුනේ පුදුමාකාර රැචියකි.

1984 දි යුධ හමුදාවට එක්ව පුරා වසර 25 කොටි ත්‍රස්තවාදයට එරෙහිව කල යුද්ධයට දැක්වු විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ශවේන්ද්‍ර සිල්වා වීර වික්‍රම විභුෂණ,රණ වික්‍රම, රණශුර,විශිෂ්ට සේවා විභුෂණ උත්තම සේවා යන ත්‍රිවිද හමුදාවේ සොල්දාදුවෙකුට ලබා ගත හැකි ඉහලම ගෙෳවරයන් 4 ලබා ගත් ප්‍රථම රණවිරැවා වේ.

යුද්ධය නිමා විමෙන් පසු එක්සත් ජාතින්ගේ මුලාස්ථානයේ ශ්‍රී ලංකා තානාධිපතිවරයා ලෙසත් නිත්‍ය දෙවන නියෝජිතයා ලෙසත් මාතෘ භුමිය වෙනුවෙන් විශාල කාර්යභාරය ශවේන්ද්‍ර සිල්වා ඉටු කරන ලදි.

රන්නජිවන් හුල් යාපනයේ උපත ලබා එහි ශාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලැබිමෙන් පසු කටුබැද්ද විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු උපාධිය ලබා අධ්‍යාපන මට්ටමෙන් ඉහලටම පුද්ගලයෙකි. ඔහු 1998-1999 කාලයේ යුනෙස්කෝ සංවිධානයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කලේය. සැබවින්ම හුල් උගතෙකි.ඒ ගැන තර්කයක් නැත. එහෙත් සෑම උගතෙක්ම බුද්ධිමතකු නොවේ. බුද්ධිමතා යනු සමාජය ගැන නිසි අවබොධයෙන් යුතුව කටයුතු කරන්නනාය.

ඉහත සදහන් කලේ හුල්ගී අධ්‍යාපන පැත්තය. ඔහුට මෙරට දේශපාලනය හා බැදුනු පැත්තකද තිබේ. යුධ හමුදාපති විරෝධය හා විවෙචන පිටුපස තිබෙන්නේ මේ දේශපාලන කතවය.

2006 දි එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ හුල්ව යාපනය විශ්ව විද්යාලෙය් උපකුලපති තනතුර සදහා නම් කරන ලදි. කොටි ත්‍රස්තවාදින් එම තනතුර බාර නොගන්නා ලෙස දන්වමින් හුල්ට මරණිය තර්ජන එල්ල කරන ලදි. ඔලුව නැති පෙට්ටියක කදට පමණක් යන්න වෙන බවට අනතුරැ ඇගවිය. කොටි මරණ තර්ජන හමුුවේ හූල් 2006.4.20 දින ශ්‍රී ලංකාවෙන් පැන විදේශ ගත විය. ඉන් පසු වත්මන් යුධහමුදාපතිවරයා ඇතුලු රණවිරැවන් කල කැපකිරිමේ ප්‍රථිපලයක් ලෙස කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමෙන් පසු හුල් යලිත් 2010 මෙරටට පැමිනියා. එවිට යාපන විශ්වවිද්යාලයේ සෙනෙට්‌ සභාව එහි උප කුලපති තනතුර සදහා නම් කරන ලද පුද්ගලයින් තිදෙනාට හුල්ව ඇතුලත් කලද එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ එය අනුමන නොකලේය. එ අනුව හුල් මහින්ද රාජපක්ෂට එරෙහිව කටයුතු ඇරබිය.

2011 පැවති පළාත් පාලන මැතිවරණයේදි ඉපිඩිපි නායක ඩග්ලස් දේවානන්ද මහින්ද රාජපක්ෂ රජයේ පුර්ණ අනුග්‍රහය මත මැතිවරණ දුෂණ කටයුතු වල යෙදුනු බවට වාර්තාවක් හුල් ඉදිරිපත් කලේ එහි ප්‍රථිපලයක් ලෙසය.මෙම චෝදනා බොරැ බවට ඩග්ලස් දේවාන්ද කයිට්ස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.එහි පරික්ෂණ වලින් පසු හුල්ට කයිට්ස් උසාවිය හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දුන්නද ඔහු එය මග හැරියේය.ඒ අනුව ඔහු වරෙන්තු කරන ලද්දිය.එයට බියේ හුල් දෙවන වරටත් රට පැන්නේය.

ඉන් පසු 2015 මෛත්‍රිපාල සිරිසේන රජය පැමිණ පසු යලිත් මෙරටට පැමිණි හුල්ව මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස බලයේ සිටි රජය තමන්ට පක්ෂපාති කතානායකවරයා හරහා පත් කරන ලදි.

දැන් යුධහමුදාපතිවරයා සේවය කරන්නේ රාජපක්ෂවරු යටතේ ඇති ආණ්ඩුවකය. දැන් හුල්ට තමන් මරන්න ආ කොටි ත්‍රස්තවාදය හොද වි කොටි ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාව මුදාගැනිමට දායක වු ශවේන්ද්‍ර සිල්වා දෙමළ විරෝධියෙකු ලෙස නම් කරමින් ජාතිවාදය අවුස්සමින් සිටියි.ඒ තමන්ව මැතිවරණ කොමසාරිස් කල අයගේ දේශපාලන උවමනා වෙනුවෙනි.

තවත් එක් වැදගත් කරැණක් තිබේ.එ හුල්ගේ දිවිත්ව පුරවැසිභාවයයි. ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව ඇමරිකාවේද පුරවැසියෙකි.19 වන ආණ්ක්‍රම ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැක. එසේ නම් මැතිවරණ පිලිබද වගවිම තිබෙන මැතිවරණ කොමිසමට ද්විත්ව පුරවැසි නිතිය අදාළ නොවන්නෙ මන්ද?

- මංජුල බටුගෙදර -

Rate this item
(9 votes)
Last modified on Monday, 27 April 2020 12:35