පාස්කු ප‍්‍රහාරයේ නීතිය හා අනාරක්ෂිත බව පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික කටයුතුවල නිරතවීමට සියලූ දෙනාටම අවස්ථාව සපයා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් දින පණිවිඩය මගින් කියා සිටී.
එසේම එම වින්දිතයන්ටද යුක්තිය ඉටු කිරීමද එලෙසින්ම සිදු කරන බව කියා සිටින ජනාධිපතිවරයා සිය නත්තල් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප‍්‍රදර්ශනය කළ සාමය, පේ‍්‍රමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සමාජයීය වශයෙන් ගත්කළ නත්තල කිතනු පවුල් එකට එකතුවෙන, තෑගි බෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලූත් කරගන්නා ප‍්‍රමෝදජනක අවස්ථාවක්ද වන්නේය.
ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ්කොට ගනී. පාපයේ අන්ධකාරය දුරුකොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප‍්‍රමුඛ වේ. කොවිඞ් - 19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.
මෙරට කිතුනු ජනතාව නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප‍්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත්දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරතවීමට සියලූ දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතනයන්ට යුක්තිය ඉටුකිරීම ද එලෙසින්ම සිදුවනු ඇත.
ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ දේශනා කළ සාමයේ හා පේ‍්‍රමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ‍්‍රී ලංකාවාසී සියලූ කිතුනු ජනයාට ප‍්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි