20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපාහැරීමෙන් පසු ඉදිරි නෛතික පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීමේ අයිතිය තිබුණ ද සාමුහික කණ්ඩායමක් ලෙස ගන්නා තීරණයට පරිබාහිරව කටයුතු කිරිම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.