පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ.
එහෙත් තමාට ප්‍රතිපත්තිමය කාරනා මත 20 වන සංශෝධනයට සහය දිය නොහැකි බව තමාට කතා කල ආණ්ඩුවේ නියෝජිතයින්ට දැනුම් දුන් බවද හකීම් මහතා අවධාරණය කරයි.
එහෙත් තම පක්ෂය නියෝජනය කරන ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා පිළිබඳව තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද හකීම් මහතා සඳහන් කරයි.
දැනගන්නට තිබෙන ආකාරයට මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා ඇතුළු තිදෙනෙකු 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය දීමට තීරණය කොට තිබේ.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ද මිට පෙර සමඟි ජන බලවේග ප්‍රධානීන්ට දන්වා තිබුනේ තමාද 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය නොදෙන මුත් තම පක්ෂයේ අන් මන්ත්‍රීවරු තිදෙනා පිළිබඳව තමාට සහතිකයක් දිය නොහැකි බවය.