May 17, 2024

ආරක්ෂිත ඇඳුම් නෑ - විශේෂඥ ‌වෛද්‍යවරු චැනල් සේවාවෙන් ඉවත් වෙයි Featured

විශේෂඥ ‌වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රජයේ රෝහල්වල රෝගී සත්කාරය සිදුකළද ඔවුන්ට පෞද්ගලික රෝහල් තුළදී එම ආරක්ෂිත උපාංග නොලැබීම හේතුවෙන් ඔවුන් මෙන්ම ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ද දැඩි අවදානමකට පත්වෙන බැවින් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් සේවාවන්ගෙන් ඉවත් වීමට කටයුතු කර ඇතැයි හෙතෙම පැවසීය.

Last modified on Thursday, 16 April 2020 12:38