April 26, 2024

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් පන්නයි - ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ගෙන පොහොට්ටුවට එකතුවීමේ සැලැස්ම ව්‍යර්ථ වෙයි Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් මෙන්ම පානදුර ආසන සංවිධායක ධූරයෙන් මහින්ද සමරසිංහ මහතා ඉවත් කොට තිබේ. ඒ වෙනුවට පත් කරන අය පිළිබඳව තීරණයක් අද (12) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී ගැනීමට නියමිත බවද වාර්තා වේ.

මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගෙන පොදුජන පෙරමුණට එකතු වීමට සැලසුම් කර තිබීම අනාවරණය වීම ඊට හේතු වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීම සඳහා දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබෙන මහින්ද සමරසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂවරුන්ට සහයෝගය දීමට ඉදිරිපත් විය.

යහපාලන රජයේ අමාත්‍යධුර දරද්දී යුද්ධය කළේ මහින්ද රාජපක්ෂ මහතා නොව යුද හමුදාව බවත් ප්‍රකාශ කළ මහින්ද සමරසිංහ මහතා හම්බන්තොට වරාය චීනයට විකිණීම සඳහා වරාය කටයුතු අමාත්‍යවරයා ලෙස සෘජු දායකත්වයක් දැක් වූ බව ප්‍රකට කරුණකි.


Last modified on Thursday, 12 March 2020 12:58

Related items