May 03, 2024

බහුතරයක් සජිත්ගේ නායකත්වයෙන් සටනට එන්න සූදානමින් - නිරෝෂන් පෙරේරා Featured

September 02, 2019

නායකයින් අතර කුමන අදහස් පැවතියත් ජනතා හිතවාදී අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

නායකයින්ට විවිධ අදහස් පැවතිය හැකි නමුත් ජනතාවගේ පැත්තෙන් සිතා බලා අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පවසයි.

ගම් බිම්වල බොහෝ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයක් අපේක්ෂා කරන බවත් එම ඉල්ලීම ඉටු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Last modified on Monday, 02 September 2019 12:20