April 26, 2024

ගෝඨා සුවය ලබා සක්‍රීය දේශපාලනයට එන්න සූදානමින් Featured

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරු රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් ඇති අතර මේ වන විට ඒ මහතා සුවයෙන් පසුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුක්තකින් අනතුරුව මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඒ මහතා මේ බව සඳහන් කළේය.

"එතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහින් තිබෙනවා. සාර්ථකව ඒ වෛද්‍ය ප්‍රතිකාර කරගෙන තියෙනවා. තව ටික කාලයක් එතුමා විවේකීව ගත කරලා මේ රටේ සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් පැමිණීමට නියමිතයි."

Last modified on Saturday, 15 June 2019 20:35

Related items