April 26, 2024

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා බැලෙන තේරීම් කාරක සභා යෝජනාව අද පාර්ලිමේන්තුවට Featured

පසුගිය අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා ඒ හා බැඳුණු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
 
ඒ අනුව අදාළ යෝජනාව සම්මත කර ගැනීමෙන් අනතුරුව හෙට දිනයේ කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීමට නියමිත ය.
 
අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ අදාළ කමිටුව සඳහා සාමාජිකයින් 15 දෙනෙකු පත් කිරීමට නියමිත බව ය.
 
කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා යි.
Last modified on Wednesday, 22 May 2019 09:30