September 23, 2020

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් අසරණ වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය ලබා දුන් පාක්ෂිකයින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර දී පැවති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගෝඨාභයට මහතාට එරෙහිව ඡන්දය දුන් ලක්ෂ 55 ට මේ වන විට සාධාරණයක් වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයින් හැසිරෙන බවයි.

එක් නගරයක අබාධිතයින් දෙදෙනෙක් සිටි බවත් එක් අයෙක් අන්ධ අයෙක් බවත් අනෙකා කොර අයෙක් බවත් ඔවුන්ට වෙන් වෙන්ව හිඟමනේ යා නොහැකි බැවින් ඔවුන් එකතුව ගොස් හිඟා කෑ බව තමා අසා ඇතැයි ද පැවසු ඒ මහතා, පසුව ඔවුන් දෙදෙනා නැවත වෙන්වු බවත් අද වන විට එජාපයේ නායකත්වයත් ඒ තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

තමාට ඇති කණගාටුව වන්නේ, සජිත් හෝ රනිල් ගැන නොව සජිත් හා රනිල් නියෝජනය කරමින් තැනු හංසයාට ඡන්දය ලබා දුන් ලක්ෂ 55 ක ඡනතාව ගැන බව ද ජයතිස්ස මහතා කියා සිටියේය.

අද වන විට එම ජනතාව අසරණ වී ඇතැයි ද පැවසු ඒ මහතා, තවදුරටත් එජාප සන්ධාන දෙස බලා නොසිට ප්‍රබල විපක්ෂයක් ගොඩ නැඟීමට ජාතික ජන බලවේගය ගැන විශ්වාසය තබා එකතු විය යුතු මොහොත ආරම්භ වී ඇතැයි ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ භුමිකාව ඉටුකිරිමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පානදුර පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"එජාපය මහමැතිවරණයෙන් පස්සෙත් වාඩි වෙන්නේ විපක්ෂයේ තමයි, නමුත් ඔවුන්ට බෑ විපක්ෂයේ භූමිකාව කරන්න. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඩීලි එකක. එක්කෝ තමන්ට තියෙන නඩු යට යවාගන්න, නැත්තන් තමන්ගේ ව්‍යාපාර ටික පවත්වගෙන යන්න. ඒ වගේම ඔවුන්ට ඉන්දියාවයි, ඇමරිකාවයි මේ රට යටත් කරගෙන හරි කමක් නෑ මේ රටේ බලය අරන් දෙනවා නම්. රටට ඕනේ දුබල ඩීල්කාර විපක්ෂයක් නෙවෙයි, රටට ආදරේ කරන ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක්. කොහොමත් දැන් එජාපයේ ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕකේ ගොඩ ඒමක් පේන්නේ නෑ. අපරාදේ අර ලක්ෂ 55 ඡන්දේ දීපු ජනතාව කියලා හිතෙනවා. එජාපය බලන්නේ ආණ්ඩුවට සෙට් වෙලා ගොඩයන්න මිසක් රටේ ජනතාවත් එක්ක ගොඩයන්න නෙවෙයි."

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් වර්තමාන ආණ්ඩුව නැවත බලය හිමිකරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ දේශපාලන හැසිරීම අනුව ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පාර්ශවය මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

එනිසා ඉදිරි මහ මැතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පාර්ශවයේ අය සමඟ ආණ්ඩුවක් ගොඩ නැඟීමට අවස්ථාව දිය යුතු බවත් එසේ නොවී එක්සත් ජාතික පක්ෂය හවුල් වුවහොත් තවදුරටත් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මඟින් අනාවරණ වන කරුණු ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කිරිමේ අවධානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නලීන්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දේවල් ඉතා මෝඩ ක්‍රියාවන් බව ඕනෑම අයෙක් දන්නා බවයි.

එමෙන්ම බොහෝ දෙනෙක් මෙම හඬපට පටු දේශපාලන වාසි සඳහා යොදා ගෙන ඇතැයි ද පැවසු ඒ මහතා මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ, පෞද්ගලික වශයෙන් සිදුවන හානියට වඩා බරපතළ තත්ත්වයකට රට පත්වීම බවද කියා සිටියේය.

මීට සති කීපයකට පෙර ස්විස්ටර්ලන්ත තානාපති නිලධාරිනියක් පැහැර ගෙන යෑමේ සිදුවීමක් වාර්තා වු බව පැවසු ඒ මහතා, එම අවස්ථවේ ස්විස්ටර්ලන්ත රජය විසින් ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිළිබඳ අවධානය යොමු කර ඇතැයි නිවේදනයක් නිකුත් කළ බවත් පැවසීය.

ස්විස්ටර්ලන්තය ප්‍රමුඛ යුරෝපා සංගමය විසින් ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිළිබඳ සැකයක් ඇති කිරීම සඳහා යම් ප්‍රකාශයක් කර තිබිය දී මේ සිදුවීම් එයට රැකුලක් වු බවත් ජයතිස්ස මහතා කියා සිටියේය.

එයින් ලෝකය ඉදිරියේ ලංකාවට හෑල්ලුවට ලක්වන බවත් ඉදිරියේ පැවැත් වෙන ජීනිවා සමුළුවේ දී සාක්ෂි ලෙස මෙම හඬපට ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චම්පික රණවක මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"චම්පික හෝ රියදුරා හෝ දෙදෙනාම හෝ මෙම වරද කළා නම් ඔවුන්ට නිසි දඬුවම් ලැබෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ආණ්ඩුව කාලේ තමන්ගේ ඇමති බලතල පාවිච්චි කරලා සී සී ටී වී කැමරාවල තියෙන ඒවා මැකුවානම්, නඩු ඉවත් කර ගත්තා නම් ඒවාත් හොයලා බලලා දඬුවම් කරන එක මේ ආණ්ඩුවේ වගකීමක්. මොකද නීතිය සාධාරණයි වගේම නීතිය සාධාරණයි කියලා පෙන්වන එකත් රටක ආණ්ඩුවක වගකීමක්. චම්පික පිළිබඳ පොලීසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කටයුතු කළ වේගය අනුව මම හිතනවා අනිවාර්යයෙන් එළඹෙන පෙබරවාරි 15ට කලින් රනිල් වික්‍රමසිංහත් මේ විදිහටම අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරයි කියලා අපි හිතනවා. මීට අවුරුදු 5කට කලින් සිදුවුණු මහබැංකුවේ මහා මුදල් මංකොල්ලයට දැන් අවශ්‍ය තොරතුරු සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙන්නේ. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මේ නීතිය ක්‍රියාත්මක කරන වේගය අනුව රනිල් වික්‍රමසිංහටත් වැඩිකල් යන්න කලින් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න වෙයි."

ආන්දෝලනයට තුඩු දී ඇති ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන මෙරට නිලධාරිනිය සම්බන්ධයෙන් වූ සිද්ධියේ සත්‍ය සොයා බලා වාර්තා කිරීම, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මෙම සිදුවීමෙන් අපකීර්තියට පත් වන්නේ ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා පමණක් නොව රට බවයි.

රටට ඇඟිලි ගැසීමට බලා සිටින ඇමෙරිකාව ඇතුළු සෙසු රාජ්‍යයන්ට මෙවැනි සිදුවීම් තුළින් එවැනි දෙයකට අවස්ථාව සලසා දෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා රජයේ වගකීම වන්නේ මෙය සිදුවුයේ කෙසේ ද යන්න සියලු දේ රටට හා ලෝකයට හෙළි කිරීම බවද පැවසු ඒ මහතා, ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා රටට ඇති වීමට යන කළු පැල්ලම මකා දමන වගකීම ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

පාසලේ දෙක ශ්‍රේණීයේ නායක පට්ටම ලබා ගැනීමට කුඩා දරුවන් දවස ගානේ හොඳ වැඩ සිදු කර ගුරුතුමියට පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට තමන් කළ හොඳ ගැන පවසන බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

දේශපාලන නායකත්වය යනු අවදිවන වේලාවවත් නිදා ගන්නා වේලාවවත් නොවන බවද ඒ මහතා පැහැදිගි කළේය.

දේශපාලන නායකත්වය සඳහා රට දියුණු කිරීමට මෙන්ම රටේ පැවැත්ම සම්බන්ධයෙන් මනා දැක්මක් සහ දර්ශනයක් තිබිය යුතු බව මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු විටකදි රට දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තීමය කරුණු දැක්වීමක් සිදු කර නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.

සිල්ලරට මතුපිටින් කතා කරන නායකයෙකුගෙන් රටක් සෑදීමට නොහැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සිය පක්ෂයේම අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතාද , සජිත් ප්‍රේමදාස මහතාට සමාන්‍ය පෙළ සමත් සහතික පත්‍රය පෙන්වන ලෙසට කළ අභියෝගයට තවමත් පිලිතුරු සපයා නොති බව පැවසු නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස යනු හිස් පොල් කොම්බයක් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද මන්ත්‍රීයවරයා අදහස් පල කළේය.

එහිදි ඔහු පැවසුවේ පසුගිය ආණ්ඩු සමයේ ආක්ෂක ලේකම් ධුරය දරන අවස්ථාවේ ජනාව කළ ප්‍රශ්ණ වලට දැන් පිලිතුරු සැපයිය යුතු බවයි.

රටට දිව හිමියෙන් සේවය කළේ නම් 1991 වසරේදි යුද හමුදා සේවයෙන් අස්වී අමේරිකාවට යාමට හෙතුව සහ එරට පුරවැසීභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් හෙතු දැක්විය යුතු බවද ඒ මහතා ප්‍රශ්න කළේය.

ජනාධිපතිධූරය ලබා ගැනීමට ජනතාව ඉදිරියට යන්නේ නම් එම අපේක්ෂකයන් සම්බන්ධයෙන් විනිවිධ භාවයක් රටේ ජනතාවට පෙනිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හෝ වෙනත් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල්දැමීමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණය ජයග්‍රහණය කළ හැකි විකල්ප අපේක්ෂකයෙකු මෙවර ඉදිරිපත් කරන බවයි. 

වත්මන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයක් කල් දැමිය නොහැකි බව ද කියා සිටි මන්ත්‍රීවරයා මේ වසරේ දෙසැම්බර් මස 8 වන දිනට පෙර නව ජනාධිපතිවරයෙක් පත්ව සිටිය යුතු බව ද කියා සිටියේය.

ඒ අනුව නොවැම්බර් මස 23 වන දින ජනාධිපතිවරණය පැවැත් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි පැවසු නලින්ද ජයතිස්ස මහතා, ජනාධිපතිවරණය කල් දැමීමට වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් ව්‍යවස්ථාවෙන් හිමිව නැති බව ද පැවසීය.

ජනාධිපතිවරණය ජයගත හැකි විකල්ප පෙරමුණක අපේක්ෂකයෙක් බොහෝ විට ඉදිරිපත් විය හැකි බව ද සඳහන් කර සිටි ජයතිස්ස මහතා, එක්සත් ජාතික පක්ෂය අතර හා පොහොට්ටුවේ මේ වන විට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විශාල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද පැවසීය‍.

මහින්ද රාජපක්ෂ මහතාට බැරිවුණ වැඩේ ඔහුගේ සහෝදරයෙකුට කල නොහැකි බව ද පැවසු මන්ත්‍රීවරයා, ජේ.ආර්.ජයවර්ධන මහතාට කල නොහැකි වු වැඩේ ඔහුගේ බෑනාට සිදු කළ නොහැකි නම්, ප්‍රේමදාස මහතාගේ පුතා පැමිණියාට කල නොහැකි බව ද කියා සිටියේය.

එක එක නායකයින් පැමිණියහොත් ඔවුන් ජයග්‍රහණය කළ නමුත් රට වලපල්ලට යන බව ද පැවසු නලින්ද ජයතිස්ස මහතා අපට අවශ්‍ය වන්නේ රට දිනවිය හැකි අපේක්ෂකයෙක් බව ද සඳහන් කළේය.

Live