January 28, 2020

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත්, රිෂාඩ් බදූර්දීන් මහතාගේ පක්ෂයත් කිසිවිටෙක ආණ්ඩුවට එකතු කරගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ මඩකළපුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි. 

"මුස්ලිම් කොංග්‍රසයත්, රිෂාඩ් බදූර්දීන් මහතාගේ පක්ෂයත් මම හිතන්නෙ නෑ කිසි වෙලාවක ආණ්ඩුවත් එක්ක එකතු කරගන්න ආණ්ඩුව සූදානම් වෙයි කියලා. මොකද, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්න විශාල පක්ෂ සං‍ඛ්‍යාවක් තීරණය කරලා තියෙනවා ඔවුන් යම් ජාතිවාදී අදහසක ඉඳගෙන වැඩ කළයි කියලා. ඒ නිසා ඔවුන් කල්පනා කරන්නෙ නායකයින් නැතුව ජනතාවට කතා කරන්න. කවදාවත් ජනතාව ජාතිවාදී නෙවෙයි. දමිළ සහ මුස්ලිම් ජනතාව ජාතිවාදී ලෙස හැසිරෙන්නෙ නෑයි කියලයි මම විස්වාස කරන්නෙ. හැබැයි ඔබගෙන් ඡන්ද ගන්න ජාතිවාදී නායකයින් ඔබව ජාතිවාදයට තල්ලු කරනවා" යනුවෙනුන් ඒ මහතා සඳහන් කළේය. 

ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ ඉදිරිපත් වූ එකඳු මැතිවරණයකදීවත් තමන් පුද්ගලිකව මනාප නොඉල්ලූ බවත් එසේ පුද්ගලිකව මනාප ඉල්ලීමේ ජරා දේශපාලනයක තමා නියැලී නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 

එසේම තමන් මනාප ඉල්ලමින් හෝ ශ්‍රීලනිප නායකත්වය ගැන සඳහන් කරමින්  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කිසිදු රැස්වීමක් නොපැවැත්වූ බවද මහ ලේකම්වරයා සඳහන් කරයි. 

තමා කිසි දිනක තනතුරු හඹා නොගිය පුද්ගලයෙකු බවත් වයඹ පළාත් සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එය එක්සත් ජාතික පක්ෂයටම පූජා කළ පුද්ගලයෙකු බවද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

ජයසේකර මහතා මෙම අදහස් පළ කළේ අප වෙබ් අඩවියේ පළ වූ බළලා මල්ලෙන් එළියට පනී ! දයාසිරිගේ ශ්‍රීලනිප නායකයා වීමේ සැලැස්ම එළි දකී - පළමු පියවර ලෙස චන්ද්‍රිකා එළියට යන මැයෙන් වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. 

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමේ සිය ඉලක්කය බව එම පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී එළිපිටම ප්‍රකාශ කර ඇත.  

ඒ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා එය අමතමිනි. 

එළඹෙන මහ මැතිවරණයේදී තමන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් විශාල මනාප ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවන ලෙසත් ඒ සඳහා තමන්ට තනි මනාපය ලබා දෙන ලෙසත් ජයසේකර මහතා කළ ඉල්ලීම එම මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කොට තිබේ. 

2013 වයඹ පළාත් සභා මහ ඇමති ධූරයට ඉල්ලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ දයාසිරි මහතා ඉතා කෙටි කලකින් විවිධ කුමන්ත්‍රණ ඔස්සේ 2019 වසරේදී ශ්‍රීලනිප මහ ලේකම් ධූරයට පත් විය. 

ජේෂ්ඨයන් රැසකටම පක්ෂයෙන් ඉවත්ව යන තැනට වැඩ සැලසූ ජයසේකර මහතා හිටපු ජනපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අත්තනගල්ල ආසන සංවිධායක ධූරය අහෝසි කිරීමට කටයුතු කළ අතර ඉදිරියේදී ඇයව පක්ෂයෙනුත් ඉවත් කිරීම ජයසේකර මහතාගේ ඉලක්කය වී තිබේ. ඒ ඇයගෙන් සිය නායකත්ව අරමුණට එල්ලවන බාධාව මැඩ පැවැත්වීමටය. එළඹෙන මහා මැතිවරණයෙන් පසු සිරිසේන මහතාවද පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට එම ධූරයට පත් වීම ජයසේකර මහතාගේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවට හේත්තු වූ එස්.බී. දිසානායකට, ඩිලාන් පෙරේරාට දැන් යථාර්ථය අවබෝධ වී ඇති බවත්, ඔවුන් මේ වනවිට පොහොට්ටුවත් අහිමිව ශ්‍රීලනිපයත් අහිමිව අනාත වී ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. පොදුජන පෙරමුණේ පාක්ෂියකයන්ගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වී ඇති බවයි ජයසේකර මහතා පවසයි.

පොහොට්ටුවට හේත්තු වී, ශ්‍රීලනිපය ඉවරයි ශ්‍රීලනිපය ඉවරයි කියමින් මාධ්‍ය සාකච්ඡා පැවත්වූ එස්බීලා, ඩිලාන්ලා දැන් ශ්‍රීලනිපයේ විනය ක්‍රියාමාර්ග නතර කරන ලෙස ඉල්ලා ලිපි එවමින් සිටින බවත්, ඉවරයි කිවූ ශ්‍රීලනිපය තවමත් තිබෙන බව ඔවුන්ට පිළිගැනීමට සිදුව ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදුජන පෙරමුණට එකතුවීමට අයිතිය තිබුණද ශ්‍රීලනිපය නැතැයි කීමට ඔවුන්ට අයිතියක් නොමැති බවද දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයේදී පොදු සන්ධානයකින් තරග කරන්නේ නම් සමස්ත අපේක්ෂකයන්ගෙන් 1/3 ක ප්‍රමාණයක් ශ්‍රීලනිපයට හිමි වියයුතු බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය අනුව එම කෝටාව හිමිවන බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා ගාමක බලවේගය ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහළට ඇද දැමීමට ඉඩ ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

හෝමාගම මහා විද්‍යාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වන පන්තියට දමන වැඩ පිළිවෙලට තමන් විරුද්ධ බවත් පක්ෂයේ මහලේකම් ලෙස සියලු දෙනාට වඩා පක්ෂය පිළිබඳ වැඩි වගකීමක් තමන්ට ඇති බවත් ඒ මහතා පැවසීය.

කුමන අභියෝග හමුවේ වුවද පක්ෂය රැකගැනීමේ වැඩපිළිවෙල වෙනුවෙන් තමන් කැපවී සිටින බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් 5ක ආසන සංවිධායකවරුන් පිරිසකගේ හමුවක් ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ පසුගිය ජනාධිපතිවණයේදී සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට ස්තූතිය පළ කිරීමට සහ නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමඟද, ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළ යුතු ආකාරය පිළිබඳ තවමත් සාකච්ඡා කර ගෙන යමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සහ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව අවශ්‍ය පියවර ගැනීම මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමත් සමඟ සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු, මාධ්‍ය හමුවේ ඔහු මේ බව සඳහන් කළේය.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (04) එම ධුරයේ වැඩභාරගැනීම සිදුවුණේ කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේදීයී.

එහිද මාධ්‍යෙව්දින නැගු ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා පිලිතුරු දුනනේය.

ප්‍රශ්ණය - මෛත්‍රිපාල හිටපු ජනාධිපතිවරයාගේ අනාගතය කොහොම ද? මේ මාස තුනේ එතුමාට පාර්ලිමේන්තුවට එන්න බැරුව වගේ පේන්නෙ.

පිලිතුර - එතුමාගේ ශක්තිය අපි  බලාපොරොත්තු වෙනවා

ප්‍රශ්ණය - හැමෝම බලාපොරොත්තු වුණා ඔබතුමාට කැබිනට් ඇමතිකමක් ලැබෙයි කියලා? ටිකක් හිත අමාරුවෙන්ද ඉන්නෙ?

පිලිතුර - කපන්න කපන්න උල් වෙනවා"

තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ආදර්ශ ලබා දී ඇති බවත් ඔහු ගමන් කරන අවස්ථාවේ ධාවනය වන්නේ වාහන 4ක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අමාත්‍යාංශය ඉදිරියේ නවීන වාහන කිහිපයක් නවතා ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මගේ භාවිතයටත් වාහනයක් නෑ. මම හිතනවා ජනපති ලේකම් කාර්යාලයෙන් වත් වාහනයක් ලබාදේවි කියලා”

තමන්ට එරෙහිව විරෝධතා මතු වුවත් පක්ෂයේ මහලේකම් ලෙස පක්ෂය එකතුව ගත් තීරණ අනුව ඉදිරියේදිත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ උපදේෂක තනතුරක් දරමින් සිටියදිත් පක්ෂයේ මතයට පිටුපාමින් ගොස් විරුද්ධවාදීන් සමඟ සිට කටයුතු කළ බවත් නමුත් ඇයට ජනතාව විසින් පිළිතුරු ලබා  දී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

එම නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන්ට කුමක් පවසා චෝදනා කළත් තමන් ඒ පිලිබඳව තැකීමක් නොකරණ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇතැම් පුවත්පත් මාධ්‍ය විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අස්‍ය පුවත් උතුරේ දමිල ජනතාව අතරට ගෙන ගිය බවටද කරුණු දැක්වීය.

විරුද්ධ පාක්ෂිකයන් විසින් ඉතාම නින්දිත ලෙස මඩ ව්‍යාපාර සිදු කළ බවත් එය පිලිකුලෙන් හෙළා දක්න බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයකින් තොර වු පාලනයක් යටතට රට පත් වී ඇති බවත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ වගකීම් නිසි ආකාරව ඉටු කරන ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එතුමා සමඟ එකතු වී අලුත් වඩපිලිවෙලක් හරහා රට ගොඩනගන්නට එකමුතු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අවබෝධතා ගිවිසුමට එළඹීමට එම පක්ෂයේ ප්‍රතිපත්ති ද හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හෙට්ටිපොලදී පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ඊයේ පස්වරුවේ හෙට්ටිපොල පිහිටි සිය නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් සංවිධානය කර තිබුණි. 

එම අවස්ථාවේ අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පල කළේ මෙවන් අදහසකි.

"ඊයේ පෙරේදා මම ආදරය කරන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මට බැනලා තිබුණා. මම ඒකට කලබල වෙන්නේ නෑ. කුමාර වෙල්ගමත් මට බැනලා තිබුණා. මට ඕනේ තරම් බනින්න හැබැයි මතක තියාගන්න 1951 සැප්තැම්බර් 2වෙනිදා බණ්ඩාරනායක මැතිතුමා යූ එන් පී එකෙන් එළියට බැස්සේ අවුරුදු 68කට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යූ එන් පී එකේ එල්ලන්න නෙවේ. සියයට සියයක් අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ දිනවන්න එකට හදවතින් බැදිලා ඉන්නවා."

Page 1 of 6