April 27, 2024

යුරියා පොහොර හිඟයක් - වහාම විදෙස් රටවලින් පොහොර ගෙන්වීමට යයි

September 25, 2020

දිවයිනේ විවිධ ප්‍රදේශවල යුරියා පොහොර හිඟයක් මතුව ඇතැයි වාර්තාවේ.

පොහොර මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොහොර නිශ්පාදන සැලසුම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පැවසීය.

යුරියා පොහොර භාවිතා කර මිශ්‍ර පොහොර සකස්කරන නමුත් එම මිශ්‍ර පොහොර සකස්කිරීම සඳහා ද යූරියා පොහොර නොමැති බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව පොහොර විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම හේතුවෙන් පොහොර සැපයුම්කරුවන්ට පොහොර ලබාදීමට දුෂ්කරතා මතුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)