May 08, 2024

පොහොර අරන් ඉන්දීය යානා ලංකාවට එයි (PHOTOS)

November 04, 2021

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්  ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර  රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළා.

මෙයින් පළමු ගුවන් යානය වූ  ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 දරන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (04) අලුයම 12.06ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. එම ගුවන් යානය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝ ග්රැම් 44,730 ක් ගබඩා කර තිබුණා.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඊ 21 දරන විශේෂ  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝ ග්රැම් 44,773 රැගෙන අද (04) අලුයම 03.02ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානා දෙකම ඉන්දීය ගුවන් හමුදාවට අයත්  සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වීම විශේෂත්වයක්.

මෙම ගුවන් යානා මගින් රැගෙන ආ පොහොර තොගය ලොරි රථ මගින් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට සූදානම් කර තිබෙනවා.

Rate this item
(0 votes)