April 26, 2024

"කවසාකි පැතිරෙනවා" - ළමයින් ගැන අවධානයෙන් ඉන්නැයි උපදෙස්

ලොව පුරා කවසකි රෝගය පැතිර යන බැවින් ඔබගේ දරුවා කෙරෙහි වැඩි අවධානයෙන් පසු වන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජේ. විජේසූරිය දෙමාපියන්ට දැනුම් දී සිටියි.

කවසකි රෝගයට ගොදුරු වූ දරුවන් 50-100 අතර සංඛ්‍යාවක් වසරකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව පවසන අධ්‍යක්ෂවරයා කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසුව කවසාකි රෝගයේ වර්ධනයක් දැකිය හැකි යැයිද පැවැසීය.

කොරෝනා වෛරසය හෝ වෙනත් වෛරස් රෝගයකට ඔ​බේ දරුවා ගොදුරුව සිට සුවය ලැබූ පසුව දින පහකට ආසන්න කාලයක් තුළ උණ රෝගයෙන් පෙළෙන්නේ නම් හෝ දිව ස්ට්‍රෝබෙරි ගෙඩියක් ලෙස දිස්වන්නේ නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම ඉක්මන් කරන්නැයිද ඉල්ලා සිටියි.

ප්‍රතිකාර ලබාගැනීම ඉක්මනින් සිදුකරන්නේ නම් ඇතිවන සංකූලතාවන් මගහරවා ගත හැකි වෙයි. එමෙන්ම අවදානම අවම කර ගත හැකිවනු ඇත.

සබැඳි පුවත් - කො⁣රෝනා වෛරසය පසු පස එන "කවසාකි" ලංකාවටත් එයි - රෝග ලක්‍ෂණ මෙන්න (VIDEO)

Rate this item
(0 votes)