April 26, 2024

කො⁣රෝනා වෛරසය පසු පස එන "කවසාකි" ලංකාවටත් එයි - රෝග ලක්‍ෂණ මෙන්න (VIDEO)

කොවිඩි 19 වෛරසයත් සමඟ කුඩා දරුවන් අතර පැතිරෙන "කවසාකි’ නම් උණ රෝගයක් පිළිබඳ ලොවපුරා රටවලින් මේ දිනවල අසන්නට ලැබේ.

කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේනම් එය  රෝග ලක්ෂණයක් විය හැකි යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ඔහු එම අදහස් පල කර සිටියේ නව රෝගයක් අපේ රට තුල පැතිරී යාම සම්බන්ධව අදහස් පල කරමින්.

එම නිසා දරුවන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මෙය ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවද ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන්නැයිද හෙතෙම අවධාරණය කරයි.

එම රෝගය වැලඳුණ දරුවන් කීපදෙනකුටම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදී මේ වන විට එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවද වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

කෙසේ වෙතත් කවසාකි උණ රෝගීන් මීට පෙර ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව රිජ්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජීග විජේසූරිය මහතා සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරසයට පසු ලෝකයේ රටවල් රැසක තවත් වෛරසයක් පැතිර යන බවට විදෙස් වාර්තා පළවීමත් සමඟ ඒ පිළිබඳ ලෝකයේම අවධානය යොමු විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 May 2020 19:13