April 26, 2024

ශ්‍රීලනිපය මැතිවරණයට වෙනම තරඟ කරයි? ආසන 25ක් ස්ථීරයි Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාටත්, පක්ෂයටත් එල්ල කරන චෝදනා අත් නොහරින්නේ නම් දිස්ත්‍රික්ක 22 ටම මෙවර මහා මැතිවරණයෙන් තරග කිරීමට තම පක්ෂය සූදානම් බව වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (10)පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

පාර්ලිමේන්තුවේ ආසන 25ත් 30 ත් අතර සංඛ්‍යාවක් හිමි කරගන්නා බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී පේෂල ජයරත්න බණ්ඩාර මහතා මෙසේද පැවසී ය.

“එකට ඉන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් අය නගන චෝදනා සම්බන්ධයෙන් අපි චෝදනා නගන්න යන්න්නේ නෑ.අපට අවශ්‍යයයි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකට හිට ගන්න.

ඊළග ආණ්ඩුව හදන එකේ දී මැතිවරණය සඳහා එකට ඉල්ලනවා ද වෙනම ඉල්ලනවාද කියන එක ගැන තීරණාත්මක මොහොතක ඉන්නේ. පසුගිය සතියේ සිදු කරන විවේචනත් එක්ක නිර්දය පහරදීම් එක්ක ශ්‍රී ලංකා කාරයෙන්ට සිදු කෙරෙන නිර්දය පහර දීම් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව තියාගෙන අපට ජයග්‍රහණය කරන්න පුළුවන් වගේම ආණ්ඩුව ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයකට එලඹෙන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ප්‍රශ්නයක් නැතුව ආසන 25කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් උදාවෙන්නේ නැ, සමහර විට එය 30 ක් විතර විය හැකියි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 සදහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.

නිදහස් පෙරමුණ විදිහට කෝටා එක බෙදීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබදව ගැටලු ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ විදිහට යනවා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට යනවා ද කියන එකයි.

මැතිවරණ කොමසාරිස්තුමාට අපි දැනුම් දීලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග වදිනවා ද වෙනම පක්ෂයක් විදිහට අපි අපේ ශක්තිය පෙන්වලා අපේ අනන්‍යතාව ආරක්ෂා කර ගන්න පක්ෂයක් විදියට වෙනම ඉල්ලනවාද නැද්ද කියන එක ගැන තවත් දින දෙකකින් අපි තීන්දුව ගන්නවා.”

 

Rate this item
(1 Vote)