May 19, 2024

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්‌ෂය ස්‌ථිරයි: අවසන් සාකච්ඡාවේ තීරණය මෙන්න

February 09, 2016

ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (08) රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ සහභාගි වී ඇති බවද වාර්තා වේ.

නව පක්‍ෂයේ ලාංඡනය හා පක්‍ෂ කාර්යාලයේ ලිපිනය මෙන්ම නව විපක්‍ෂයේ නිලධාරි මණ්‌ඩලය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවන් ඇති කර ගත් බවද පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත යුතු බව සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීරණය වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

නව පක්‍ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 February 2016 12:30

Related items