May 02, 2024

එජාපයෙන් සූදුවට සංශෝධන 

කැසිනෝ සූදුව නීතිගත කිරීම සඳහා ලබන 24 සහ 25 යන දෙදින තුළ යලි පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ව්‍යාපෘති තුනට සංශෝධන ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා විසින් යෝජනා කර විපක්ෂයේ ප්‍රධාන සංවිධාන ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත මෙම සංශෝධන 22 වැනි දා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත භාර දී ඇත.

එම සංශෝධනයට අනුව “ඉහත කී නියමයේ 3 වන වගන්තියට ඉනික්බිතිවම හා 4 වන වගන්තියට පෙර පහත වචන එකතු කරන්න.

 “කවර තත්ත්වයක් යටතේ හෝ කිසිදු අවස්ථාවක  “ව්‍යාපෘතිය” හෝ එහි ශාඛා හෝ ආශ්‍රිත ව්‍යාපාර තුළ සෘජුව හෝ වක්‍රව කවර හෝ නාමයකින් හඳුන්වනු ලබන්නා වූ සූදු කෙළිය, ඔට්ටු ඇල්ලීම, 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පන‍‍තේ 5 වන වගන්තිය යටතේ අර්ථ නිරූපනය කර ඇති පරිදි කැසිනෝ ද තුරඟ තරඟ මත පරදු තැබීම බඳු ස්වභාවයේ කිසිදු කටයුත්තක් හෝ කවර හෝ නාමයකින් හඳුන්වනු ලබන්නා වූ ගණිකා වෘත්තිය හෝ ගණිකා මඩම් බඳු ස්වභාවයේ කිසිදු කටයුත්තක් ද පවත්වා ගෙන යාම නොකළ යුතු බවත්” යනුවෙන් සටහන් වේ.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ මෙම ව්‍යාපෘති පාර්ලිමේන්තු අනුමැතිව සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව එජාපය පවසයි.  

Rate this item
(0 votes)