May 01, 2024

කුරුණෑගල රෝහල වර්ජනයේ 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතිකාගාරවල සේවය කිරීමට සිටින සියළු පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඉවත් කර හෙදියන් මේ වනවිට ප්‍රසූතිකාගාරවල වැඩ කටයුතු සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ඩී සොයිසා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේ ය.

{module LOLC}

ඒ හේතුවෙන් ප්‍රසව හා නාරි වෛද්‍යවරු අද දිනය පුරා වැඩ වර්ජනයක නිරත වේ.

එහි දී රෝගීන්ට ඇතිවන සංකූලතාවලට වගකීමට සිදු ව ඇත්තේ වෛද්‍යවරුන්ට බව හෙතෙම අවධාරණය කළේ ය.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා මැදිහත් ව එම ගැටළු විසඳිය යුතු වුව ද එම අධ්‍යක්ෂවරයා වගකීමෙන් තොර ව ක්‍රියා කරන බව ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 April 2014 09:29