May 01, 2024

'නොකී දේවල් කටඋත්තරයේ' -තංගල්ලේ නඩුවේ අවනඩුව

තංගල්ල හෝටලයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් තමා නොකී දේවල් කටඋත්තරවලට ඇතුළත් කර ඇති  බව තංගල්ල ද නේචර් හෝටලයේ කළමනාකාරිනිය කොළඹ මහාධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඊයේ සඳහන්  කළාය.කටඋත්තර ලබාදීමේදී තුවක්කුවක් ගැන සඳහන් නොකළ  අතර  'ටී56' තුවක්කුවක් දුටු බවට තමා විසින් නොකී දෙයක්  ඇතුළත් කර තිබෙන බව ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

දූෂණයට ලක්වූ  වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රාට   පුද්ගලයකු  පහර දෙනවා දුටු බව  කටඋත්තර ලබාදීමේදී සඳහන් කළත්  එය කටඋත්තරයට ඇතුළත් කර නොමැති බවද ඇය එහිදී සඳහන්  කළාය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 10:51