April 27, 2024

කමලේෂ් ශර්මා මහතා දිවයිනට

තෙදින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා දිවයිනට පැමිණියේය.

 

කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මහලේකම්වරයා සමග තවත් නිලධාරීන් සිව් දෙනෙකු ද පැමිණ තිබේ.

 

කමලේෂ් ෂර්මා මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳවද සාකච්ඡා කිරිමට නියමිතය.

 

කමලේෂ් ශර්මා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විදේශ කටුයතු අමාත්‍යවරයා ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 January 2015 14:24