April 28, 2024

එළඹෙන මහ මැතිවරණය අලුත් ක්‍රමයකට ලෑස්තියි

නව මැතිවරණ ක්‍රමයයටතේ ලබන ජුනිමාසයේ පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශකඇමැති දොස්තර රාජිත    සේනාරත්න                   මහතාප්‍රකාශ පැවසීය.

එම නිර්දේශවලට අනුව දැනට ක්‍රියාත්මක වන අනුපාත ක්‍රමය වෙනස් කර කොට්ඨාසහා අනුපාත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්  පිළිබඳව යෝජනා කර තිබෙන බවද සඳහන්.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ්  ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මැතිවරණක්‍රමය සංශෝධනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින්මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති බවද සඳහන්. එම නිර්දේශ සඳහා නීති සකස් කිරීමට නියමිතව පවතින බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)