April 28, 2024

අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මරුට

කටාර් රාජ්‍යයේ දෝහා හි සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මිය ගොස් ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය ඒකකය සඳහන් කරන පරිදි එම අනතුරෙන් තවත් ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනාවරණය වේ.

මේ අතර හෝකන්දර ගුවන් අනතුරෙන් මියගිය ගුවන් නියමුවාගේ බිරියද එහි සිට ඇතැයිද ඇගේ අතකටද තුවාල සිදුව ඇති බවටද තොරතුරු වාර්තා වේ. කෙසේවෙතත් ඇයද  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකි.

ගුවන් ගමන අවසානයේ විවේකීව සිටි ගුවන් කාර්ය මණ්ඩලය ඊයේ දෝහා හි කාන්තාර ප්‍රදේශයක චාරිකාවක නිරතව සිටියදී ඔවුන් ගමන් ගත් වාහනය මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

මිය ගිය ගුවන් සේවිකාව රද්දොලුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ යළි දෝහා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසීය.

එම අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාව පහත ඡායාරූපවලින් දැක්වේ

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 January 2015 22:03