April 28, 2024

රණවිරුගම ඝාතනයක්

ඊයේ රාත්‍රී 8.30 ට පමණ  දොම්පේ, කෑරගල රණවිරුගම ප්‍රදේශයෙදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි කෑරගල හේනේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුය.

ඝාතනය සිදු කළ ආකාරය සහ සිදු කළ තැනැත්තා සම්බන්ධයෙන් මේ වන විට නිසි  තොරතුරු වාර්තා වී නොමැති බවද පොලිසිය පැවසීය. මෙම ඝාතනය සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Rate this item
(1 Vote)