April 28, 2024

හබරනදී කැළෑ සටන් පුහුණුවේ සිටි සෙබළුන් දුම්රියේ ගැටේ

යුධ හමුදා පුහුණුව ලබමින් සිටියදී සෙබළුන් තිදෙනෙකු දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

හබරන දී මෙම අනතුර සිදු වී ඇති අතර වැඩි දුරටත් වාර්තා වෙන්නේ කැළෑ සටන් පුහුණුවක් ලබමින් සිටි සෙබළුන්  තිදෙනෙකු රේල් පීල්ල හරහා ගමන් කිරීමේදී මෙම අනතුරට ලක් වූ බවය. අද අළුයම 03 ට පමණ මෙම අනතුර සිදු ව ඇත.

මේ වන විට ඔවුන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)