April 27, 2024

වරිපනම් බද්දට අමතරව “මන්දිර බද්ද” අය කෙරේ

ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස හිමියන්ගෙන් රජයට ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් යළි හඳුන්වා දීමේ අවශ්‍යතාව ඇතිව ඉකුත් දා පැවැති අතුරු අයවැය කතාවේදී “මන්දිර බද්ද” හඳුන්වා දුනි. රු. මිලියන 100  හෝ ඊට වැඩියෙන්  තක්සේරුවකට ලක් කර ඇති සියලුම  නිවාස සහ අධි සුඛෝපභෝගී තට්ටු නිවාසවලින් හෝ වර්ග අඩි 5,000 ට වැඩි එවැනි නිවාසවලින් මෙම “මන්දිර බද්ද”  අය කෙරෙනු ඇති.(මෙම නිර්ණායක දෙකින් ඉහළ  අගය සලකා බලනු ඇත.)

ඒ අනුව වර්ෂයකට රුපියල් මිලියනයක නව බද්දක් “මන්දිර බද්ද” ලෙස අය කිරීමට නියමිතය.  මෙම බද්ද 2015  වර්ෂයේ සිට වාර්ෂික  පදනමකින් පළාත් පාලන ආයතන හරහා  අය කිරීම සඳහාද කටයුතු සලසා දී තිබේ. මෙය පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන වරිපනම්  හා බදුවලට   අමතරව අය කිරීමද සිදු කරයි. මෙමගින් අපේක්ෂිත ආදායම රු. මිලියන 1,000කි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 January 2015 11:11