May 07, 2024

කහවත්තේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

පැල්මඩුල්ල, කහවත්තේ දී පසුගිය 05වැනි දා අළුයම වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයා රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී අද(07) මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

පසුගිය 05වැනි දා අළුයම කහවත්තේ දී විපක්ෂයේ ඡන්ද රැලියක් සරසමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ශාන්ත දොඩංගොඩ නැමැත්තෙකු තුවාල ලබා රෝහල් ගත කළේය. 

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා, සබරගමුව පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති වජිර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් පෙරේදා (05) පොලිසියට නියෝග කළේය.

මේ වනතෙක් සැකකරුවන් පොලිසිය අත්අඩංගුවට ගෙන නැත.

 

Rate this item
(0 votes)