May 06, 2024

ක්‍රියාකාරීන්ගේ නිවාස වෙත වෙඩි ප්‍රහාර

කුරුණෑගල කටුගම්පොළ, බන්මන්න ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරියෙකු වන තිලාන් රංජිත්ගේ නිවසට නාඳුනන පිරිසකගේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ රාත්‍රියේ  එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ නිවසේ ජනේල සහ ගෘහ භාණ්ඩවලට හානි සිදු වී ඇති බවත් වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකදී ඔහුගේ සහෝදරයෙකුගේ නිවසක් වෙතද මෙවැනිම වෙඩි ප්‍රහාරයන් එල්ලවී තිබුණි.

මේ අතර අද අළුයම පාර්ලිමේන්තු මන්ත්‍රි ජයවික්‍රම පෙරේරා මහතාගේ පෞද්ගලික ලේකම් අනුර විජේබණ්ඩාර මහතාගේ රද්දලාන ප්‍රදේශයේ නිවසටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් සඳහන්.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 January 2015 17:06