May 07, 2024

නිහඬව, නොබියව ඡන්දය දෙන්න - රනිල් 

උදෑසනින්ම ඡන්දපොළට ගොස් ඡන්දදායකයින්ට හිමි උත්තරීතර අයිතිවාසිකම නිහඬව, නොබියව සහ අභිමානයෙන් යුතුව භුක්ති විදින ලෙස සියලුම ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“අප රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ භුක්ති විදි තමන්ගේ ඡන්දයෙන් කැමති නායකයෙක් තෝරා පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උරගා බැලීමට යළිත් අවස්ථාවක් උදාවී තිබේ. ඊට බලපෑම් කිරීමට, එය වැළැක්වීමට, වෙනස් කිරීමට හෝ උදුරා ගැනීමට කිසිවෙකුටත් නොහැක. 

උදෙන්ම ඡන්ද පොළට ගොස් ඔබට හිමි එම උත්තරීතර අයිතිවාසිකම නිහඬව, නොබියව සහ අභිමානයෙන් යුතුව භුක්ති විදින ලෙස සියලූම ඡන්දදායකයින්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 

එමෙන්ම ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සතුට පක්‍ෂ විපක්‍ෂ සියලූ ජනතාව සමග සාමකාමීව, සහෝදරත්වයෙන් බෙදා හදා ගන්නා ලෙස ද විශේෂයෙන් විරුද්ධ අදහස් දැරූ ඔබේ අසල්වාසීන් ආරක්‍ෂා කොට ශීලාචාර නව දේශපාලන සංස්කෘතියක මූලාරම්භය ලොවට පෙන්වන ලෙස ද පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස ඉතා ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටිමි.“ යැයි එම නිවේදනයේ දැක්වේ.

 

Rate this item
(0 votes)