May 07, 2024

මැතිවරණ කොමසාරිස්වරයා විශ්වාසයි - අනුර යාපා  

සුරක්ෂිත සහ නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය ආරක්ෂාවත්  මැතිවරණ ක‍්‍රියාවලිය තුළ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරන බව තමන්ට සහතික විය හැකි යැයි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු සහයෝගිතා සංවිධානයේ මැතිවරණ නිරීක්ෂණ  සාමාජිකයින් පිරිසක් අද(07) එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් හමුවිය. 

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවති මෙම හමුව සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ඒ. එච්.එම් ෆවුසි යන මහත්වරුන් ඇතුලූ පිරිසක් සහභාගී විය. 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු සහයෝගිතා සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායම නියෝජනය කරමින් දම්සෝ මැග්බුවාල් ඇතුලු පිරිසක් සහභාගී විය. 

එසේම පවතින නෛත‍්‍රික රාමුව තුළ ඉතාමත් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරන බව තමන්ට විශ්වාස බව එහි දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ආසියානු සහයෝගිතා සංවිධානයේ නිරීක්ෂණ කණ්ඩායමට පෙන්වා දෙන ලදී. 

සමාජ වෙබ් අඩවි ජාලයන් මගින් සහ විවිධ වෙබ් අඩවි මගින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන බව මේ අවස්ථාවට සහභාගී වෙමින් එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පැවසීය. 

 

Rate this item
(0 votes)